COVID-19
- Home
- COVID-19
ඔබ දැන ගත යුතු දේ

කෝවිඩ්-19 සංඛ්‍යාලේඛන
කෝවිඩ්-19 රෝහල් ගතවීම් වලට අදාල සංඛ්‍යාලේඛන
Find
out More

ඔබ රෝගි යැයි ඔබ සිතන්නේ නම්
Find out More
ස්වයං නොරෝධායනය / ගෘහස්ථ නිරෝධායනය
• ස්වයං නොරෝධායනයෙදී / ගෘහස්ථ නිරෝධායනයෙදි සැලකිල්ලට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?
Find out More

ඔබත් අන් අයත් ආරාක්ෂා වන්නේ කෙසේද?
• මූලික නිවාරණ උපායයන්
Find
out More
• සේවා ස්ථානයන් හා සැබැඳි නිවාරණ උපායයන්
Find
out More
• වෙළඳපොළ හා සැබැඳි නිවාරණ උපායයන්
Find
out More

විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සඳහා උපදෙස්
• ගර්භණී මවුවරුන්
Find
out More
• පිළිකා රෝගීන්
Find
out More
• බෝ නොවන රෝග වලට ප්‍රතිකාර ගන්නා රෝගීන්
Find
out More

කෝවිඩ්-19 ට අදාල සේවාවන් සපයන රෝහල් හා රසායනාගාර
• කෝවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරනු ලබන රෝහල්
Find
out More
• PCR පරීක්ෂණය සිදු කරනු ලබ න රෝහල්

Information for General Public
Delivery of medicine from hospital clinics
Find
out More
Revised Timeline for Public Activities
Find
out More
Home Quarantine - Sinhala
Find
out More

Information on COVID 19 Vaccines
COVID-19 Vaccination Leafletnew
Find
out More
FAQ on COVID 19 Vaccines-Englishnew
Find
out More
FAQ on COVID 19 Vaccines-Sinhalanew
Find
out More
FAQ on COVID 19 Vaccines-Tamilnew
Find
out More
COVID 19 Vaccine Communication for the Healthcare Staffnew
Find
out More
COVID 19 Vaccine Communication for the Recipientsnew
Find
out More
Guidelines for COVISHIELD COVID-19 Vaccination
Campaignnew
Find
out More
සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් සඳහා උපදෙස්

කෝවිඩ් 19 ප්‍රතිකාර කිරීම සඳහා වන නිර්දේශයන් / සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරල ලද චක්‍ර ලේඛන
Discharge Criteria for COVID 19 Patients- Version 3 new
COVID-19 Risk Management and Community Engagement
Wearing Masks in the community
Use of Gloves in the community
Rational use of PPE and Infection prevention and control of COVID - 19
Guidance on carrting out RT-PCR test for COVID-19 in work settings
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සත්කාර වෛද්‍යවරුන් සඳහා අතුරු මාර්ගෝපදේශ
රෝහල් තුල හමුවන සැක සහිත COVID-19 රෝගීන්ගේ හදිසි සොයා ගැනීම කළමනාකරණය කිරීම
COVID - 19 වසංගත කාලය තුල ප්‍රතිශක්තිකරණ සේවා නැවත ආරම්භ කිරීම සඳහා මාර්ගෝපදේශ
රැකියා ස්ථාන සඳහා COVID-19 වසංගතයට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙහෙයුම් මාර්ගෝපදේශ
නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනය කළ පුද්ගලයින් නිදහස් කිරීම
COVID 19 ට නිරාවරණය වූ කාර්ය මණ්ඩල සඳහා ලේඛනයක් නඩත්තු කිරීම
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සත්කාර වෛද්‍යවරුන් සඳහා අතුරු මාර්ගෝපදේශ
කෝවිඩ්-19 සැක කටයුතු හා තහවුරූ වූ රෝගින් සඳහා සායනකික භාවිතාවන් වලට අදාල තාවකාලික නිර්දේශයන්
ස්වයං නිරෝධායනය / ගෘහස්ථ නිරෝධායනය සඳහා වන නිර්දෙශයන්
කෝවිඩ්-19 සම්බන්ධයේන් පෞද්ගලික ආරක්ෂක උපකරණ වල සහේතුක භාවිතාව පිලිබඳව වන උපදෙස් මාලාව
කෝවිඩ් -19 පැතිරීම වැළැක්වීමට අදාල පාරිසරික පිරිසිදු කිරීම් සඳහා වන නිර්දෙශ
Towards New Normal Guidelines
04.ඇවිදීමේ මංතීරු භාවිතා කිරීම
05.සම්මන්ත්රණ වැඩමුළු පැවැත්වීම
06.උපකාරක පන්ති
07.ප්‍රසිද්ධ රැස්වීම් (එළිමහන් සහ ගෘහස්ථ)
08.COVID තර්ජනය මධ්‍යයේ පුද්ගලික සෞඛ්‍ය සායන ආරම්භ කිරීම
10.ඡායාරූප ශිල්පීන් වීඩියෝකරණ ශිල්පීන්
11.රාජ්‍ය හා පෞද්ගලික වාහන රථ ගාල්
12.සන්නිවේදන ඉලෙක්ට්‍රොනික සාප්පු
13.මත්පැන් හා දුම්කොළ අලෙවි කරන ස්ථාන
14.ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල්
16.බන්ධනාගාර
17.හෝටල් පිළිගැනීමේ ශාලා වල පවත්වන මංගල උත්සව
18.ආගමික ස්ථාන
19.ආගමික ස්ථාන
21.පවුලේ අය සහ මිතුරන් බැලීමට යාම
22.පිහිනුම් තටාක සහ වෙරළ භාවිතය
23.ගෘහස්ථ ක්‍රීඩාංගන සහ ක්‍රීඩා පුහුණුවීම්
25.බැංකු
26.විශාල හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත
27.කාර්යාල (රාජ්‍ය හා පෞද්ගලික)
29.ගරාජය
33.අවන්හල්
34.රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ වෙනත් රාජ්‍ය ආයතන
37.වීදි වෙළෙන්දන් (ස්ථාවර සහ ජංගම)
40.බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර
41. තැපැල් සේවා
42.ජංගම ආහාර වෙළෙන්දන්; පිළියෙළ නොකළ සේදිය හැකි ආහාර
43.ජංගම ආහාර වෙළෙන්දන්; බේකරි ඇතුළු අනුභව කිරීමට සූදානම් ආහාර ද්‍රව්‍ය
44.කසළ හසුරුවන්නන්, වීදි පිරිසිදු කරන්නන් සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය
නිතර අසනු ලබන ප්‍රශ්න
කොරෝනා වයිරස් යනු සතුන් හෝ මිනිසුන් තුළ රෝගාබාධ ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි. කොරෝනා පවුලට අයත් වෛරස කිහිපයක් මිනිසුන් තුළ, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව දන්නා කරුණකි. මෑතකදී සොයාගත් කොරෝනා වයිරස් මගින් COVID-19කොරෝනා වයිරස් රෝගයට හේතු වේ.
මිනිසුන්ට වෛරසය ඇති අයගෙන් COVID-19 බෝවිය හැකිය. COVID-19 සහිත පුද්ගලයෙකු කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හරහා මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. මෙම බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් හා පෘෂ්ටයන් මත තැන්පත්වේ. අනෙකුත් අයට COVID-19 වෛරසය ශරීර ගත වන්නේ මෙම වස්තූන් හෝ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙනි. COVID-19 සහිත පුද්ගලයෙකුගේ ගෙන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට COVID-19 බෝවිය හැක. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් මීටර 1 ක් (අඩි 3) වඩා දුරින් සිටීම වැදගත් වන්නේ මේ නිසා ය. COVID-19 ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් දිගටම බෙදා ගනු ඇත.
මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ, උණ, විඩාව, සහ වියලි කැස්ස වේ. සමහර රෝගීන්ට ඇඟ පත වේදනා, නාසය සිරවීම, සොටු දියර ගැලීම, උගුරේ අමාරුව හෝ පාචනය ඇති විය හැක. මෙම ලක්ෂණ සුළුවෙන් පටන් ගෙන, ක්‍රම ක්‍රමයෙන් මතුවිය හැක.සමහර පුද්ගලයන් අසාදිත වුවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අසනීප බවක් නොදැනේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. වැඩිහිටි පුද්ගලයින් සහ අධි රුධිර පීඩනය, හදවත් රෝග හෝ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අයට සංකුලතා ඇතිවීමේ ඉඩ කඩ ඇත. උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුවේ.
මිනිසුන්ට වෛරසය ඇති අයගෙන් COVID-19 බෝවිය හැකිය. COVID-19 සහිත පුද්ගලයෙකු කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හරහා මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. මෙම බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් හා පෘෂ්ටයන් මත තැන්පත්වේ. අනෙකුත් අයට COVID-19 වෛරසය ශරීර ගත වන්නේ මෙම වස්තූන් හෝ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙනි. COVID-19 සහිත පුද්ගලයෙකුගේ ගෙන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට COVID-19 බෝවිය හැක. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් මීටර 1 ක් (අඩි 3) වඩා දුරින් සිටීම වැදගත් වන්නේ මේ නිසා ය. COVID-19 ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් දිගටම බෙදා ගනු ඇත.
මේ දක්වා , අධ්‍යන වලින් පෙනී යන්නේ COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ වාතය හරහා නොව කැස්සකදී හෝ කිවිසුමකදී පිටවන බිඳිති බවය්”
රෝගය පැතිරෙන ප්‍රධාන ක්‍රමය වන්නේ පුද්ගලයකු කහින විට පිටවන බිඳිති මගිනි.එබැවින් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගියකු මගින් චෝ-19 රෝගය බෝවීමේ අවදානම ඉතා අඩුය.එසේ වුවත් COVID-19 රෝගීන්ට බොහෝවිට පවතින්නේ සුළු රෝග ලක්ෂණ පමණි. මේ තත්ත්වය රෝගයේ මුල් අවධියේදී දැකිය හැක. එහෙත් ඇතැම් විට මෙම තත්ත්වය වෙනස් විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය, COVID-19 රෝගය සම්ප්‍රේෂණය වන කාල පරිච්චේදය පිළිබඳ තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.
අසාදිත පුද්ගලයකුගේ මලපහ මගින්,COVID-19 රෝගය බෝවිය හැකිද ?අසාදිත පුද්ගලයකුගේ මළ මත්‍ර මගින් COVID-19 එහෙත් ඇතැම් විට මෙම තත්ත්වය වෙනස් විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය, COVID-19 රෝගය සම්ප්‍රේෂණය වන කාල පරිච්චේදය පිළිබඳ තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.
ඔබ රෝගි යැයි ඔබ සිතන්නේ නම්
COVID-19 හි වඩාත් පොදු රෝග ලක්ෂණ මේවා වේ. සමහර අය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය නොවන අතර අසනීප බවක් දැනෙන්නේ නැත.

උණ

කැස්ස

උගුරේ අපහසුතාව

හුස්ම ගැනීමේ අපහසුතාව
මේ රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිතිය නොහැකිමුත් කොරෝනා වෛරස ආසාදනයේ ද දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවා ම වන බැවින් ඔබගේ ආදරණීයයන් ගේ ආරක්ෂාව පිණිස පහත පියවරයන් අනුගමනය කරන්න. මෙය පුරවැසියෙකු ලෙස ඔබගේ ජාතික වගකීමකි.
වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න
හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න.
නිවසේ ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් තබා ගන්න
හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.
නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න..
ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.
තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න..
කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.
ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න..
වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.
1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැක
ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
ඉහත රෝග ලක්ෂණ සඳහන් ඔබ,
පසුගිය දින 14 ඇතුලත පිට රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් නම්
හෝ
සැක කරන ලද COVID-19 රෝගියකු සමග සමීප සම්බන්ධතා පැවැත්වුයේ නම්
හෝ
එසේ ගමන් හෝ සම්බන්ධතා ඉතිහාසයක් නොමැති වුවත් විශේෂඥ වෛද්‍යවරයකු විසින් තහවුරු කරන ලද උග්‍ර නිව්මෝනියා තත්වයකින් පෙලෙන්නේ නම්
වෛද්‍ය උපදෙස් සඳහා ඉතා ඉක්මනින් ලගම ඇති රජයේ රෝහල වෙත යොමු වන්න
COVID-19 වැළැක්වීමේ ක්‍රම
මෙම සරල පූර්වෝපායන් අනුගමනය කිරීමෙන් ඔබට ආසාදනය වීමේ හෝ COVID-19 පැතිරීමේ අවදානම අඩු කර ගත හැකිය.

ඔබ නිවසින් බැහැරව යන සෑම විටම පිරිසිදු මුව ආවරණයක් පලදින්න

ඔබේ අත් නිතරම සෝදන්න

වැලමිට භාවිතයෙන් ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කරන්න

ටිෂු කඩදාසියකින්, ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කර ඒවා නිසි ලෙස බැහැර කරන්න

ඔබේ මිතුරන්ට හා නෑදෑයින්ට අත දීමෙන් හෝ ඔවුන් සිප වැලද ගැනීමෙන් වළකින්න.

ජනයා ගැවසෙන ස්ථාන වලට යාමෙන් වලකින්න

පොදු ස්ථානයක සිටින විට හෝ කතා කරන විට ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගන්න
රෝහලේ නම | නිරීක්ෂණ යටතේ ඇති පුද්ගලයින්ගේ සමුච්චිත ගණන | දැනට නිරීක්ෂණ යටතේ යටතේ ඇති පුද්ගලයින් ගණන | ||||
---|---|---|---|---|---|---|
ශ්‍රී ලාංකිකයන් | විදේශිකයන් | එකතුව | ශ්‍රී ලාංකිකයන් | විදේශිකයන් | එකතුව | |
බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය | 1366 | 76 | 1442 | 7 | 0 | 7 |
ශ්‍රී ලංකා ජාතික රෝහල | 37299 | 16 | 37315 | 3 | 0 | 3 |
ශික්ෂණ රෝහල - රාගම | 4119 | 5 | 4124 | 10 | 0 | 10 |
ශික්ෂණ රෝහල - කරපිටිය | 1171 | 27 | 1198 | 2 | 0 | 2 |
ශික්ෂණ රෝහල - අනුරාධපුර | 2740 | 2 | 2742 | 10 | 0 | 10 |
ශික්ෂණ රෝහල - කුරුණගල | 2131 | 1 | 2132 | 7 | 0 | 7 |
ශික්ෂණ රෝහල - යාපනය | 545 | 2 | 547 | 1 | 0 | 1 |
ජාතික රෝහල - මහනුවර | 1975 | 6 | 1981 | 9 | 0 | 9 |
ශික්ෂණ රෝහල - මඩකලපුව | 688 | 0 | 688 | 2 | 0 | 2 |
දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ | 1175 | 4 | 1179 | 0 | 0 | 0 |
දිස්ත්‍රික් මහ රෝහල - මීගමුව | 2510 | 15 | 2525 | 9 | 0 | 9 |
ශික්ෂණ රෝහල - රත්නපුර | 1142 | 0 | 1142 | 0 | 0 | 0 |
පළාත් මහ රෝහල - බදුල්ල | 537 | 2 | 539 | 6 | 0 | 6 |
රිජ්වේ ආර්යා ළමා රෝහල | 484 | 0 | 484 | 0 | 0 | 0 |
ඩි සොයිසා කාන්තා රෝහල | 2684 | 1 | 2685 | 3 | 0 | 3 |
දිස්ත්‍රික් මහ රෝහල - පොලොන්නරුව | 2206 | 6 | 2212 | 5 | 0 | 5 |
දිස්ත්‍රික් මහ රෝහල - කලුබෝවිල | 2096 | 5 | 2101 | 3 | 0 | 3 |
කාසල් වීදියේ ශික්ෂණ රෝහල | 810 | 0 | 810 | 0 | 0 | 0 |
මූලික රෝහල - හම්බන්තොට | 385 | 2 | 387 | 0 | 0 | 0 |
මූලික රෝහල - මොනරාගල | 661 | 0 | 661 | 0 | 0 | 0 |
මූලික රෝහල - වැලිකන්ද | 69 | 1 | 70 | 0 | 0 | 0 |
දිස්ත්‍රික් මහ රෝහල - කළුතර | 1517 | 2 | 1519 | 0 | 0 | 0 |
ළය රෝහල - වැලිසර | 2410 | 2 | 2412 | 21 | 0 | 21 |
මූලික රෝහල - මුල්ලේරියාව | 318 | 0 | 318 | 1 | 0 | 1 |
මූලික රෝහල - හෝමාගම | 302 | 4 | 306 | 0 | 0 | 0 |
නෙවිල් ප්‍රනාන්දු රෝහල | 84 | 0 | 84 | 0 | 0 | 0 |
දිස්ත්‍රික් මහ රෝහල - හලාවත | 7327 | 1 | 7328 | 9 | 0 | 9 |
දිස්ත්‍රික් මහ රෝහල - මාතර | 241 | 2 | 243 | 0 | 0 | 0 |
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල | 14905 | 0 | 14905 | 90 | 0 | 90 |
දිස්ත්‍රික් මහ රෝහල - වවුනියාව | 362 | 0 | 362 | 0 | 0 | 0 |
මූලික රෝහල - මාරවිල | 733 | 1 | 734 | 1 | 0 | 1 |
දශික්ෂණ රෝහල - ශ්‍රී ජයවර්ධනපුර | 19753 | 2 | 19755 | 136 | 0 | 136 |
මූලික රෝහල - බේරුවල | 12 | 0 | 12 | 0 | 0 | 0 |
මූලික රෝහල - කාතන්කුඩි | 3 | 0 | 3 | 0 | 0 | 0 |
මූලික රෝහල - මිනුවන්ගොඩ | 6 | 0 | 6 | 0 | 0 | 0 |
නාවික හමුදා රෝහල | 218 | 0 | 218 | 0 | 0 | 0 |
Data Source | Epidemiology Unit , Ministry of Health
රෝගීන් සඳහා උපදෙස්

ඔබ හට කොරෝනා ආසාදනයේ රෝග ලක්ෂණ තිබේ නම්, ඔබට නියම කර තිබෙන ආසන්නම රෝහල සමග සම්බන්ධ වන්න. පිළිකා රෝහලට යන්නට එපා.
ඔබ දැනට පිළිකා සඳහා ප්‍රතිකාර ලබාගනිමින් ඉන්නවා නම්, සාමාන්‍ය පරිදි පිළිකා සායනයට හෝ මධ්‍යස්ථානයට යන්න.
ඔබ පිළිකා සඳහා ඖෂධ ලබාගන්නවා නම්, නිර්දේශිත බෙහෙත් තුණ්ඩුව හා අවශ්‍ය ලේඛන විශ්වාසවන්ත පුද්ගලයකු සමග යවා අවශ්‍ය ඖෂධ ලබාගන්න..
පිළිකා ප්‍රතිකාර පිළිබඳ වැඩිදුර විස්තර ලබාදෙන තෙක් ප්‍රතිකාර ස්ථාන වෙත පැමිණීමෙන් වළකින්න.
වැඩිදුර විස්තර සඳහා ඔබගේ පිළිකා රෝහල සමග සම්බන්ධ වන්න.
ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය වීම

ස්වයං නිරෝධායනය/ නිවසේසිට නිරෝධායනය වීම යනුකුමක් ද?
ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය කළ යුත්තේ කාව ද?
ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
“ස්වයං නිරෝධායනය/ ගෙදර සිට නිරෝධායනය වීම යන්නෙන් අදහස් වන්නේ, නීරෝගී ලෙස පෙනෙන, එහෙත්, අධි අවධානමක් සහිත විය හැකි පුද්ගලයින්රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන නොවන තැන්වල වෙන් කර තැබීමයි..
පසුගිය දින 14ක කාලය තුළ විදේශ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් පුද්ගලයකු හෝ
එසේ ආසාදනය වී ඇති බවට සැක කරනු ලබන පුද්ගලයකු හෝ සමග පසුගිය දින 14ක කාලය තුළදී සමීප සම්බන්ධතාවක් පැවැත්වූ අයෙකු
• හැකිනම්, ඔබ වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කරගන්න.
• හැමවිටම ඔබ සහ පවුලේ අය අතර අවම මීටර් එකක පරතරයක් තබාගන්න.
• හැකිනම්, වෙනම වැසිකිළියක්/ නාන කාමරයක් භාවිතා කරන්න. ඒවා අනෙක් අය සමග හවුලේ පාවිච්චි කරන්නට සිදු වේ නම්, දොර අගුල්, කරාම ආදිය සබන් සහ වතුර යොදා පිරිසිදු කරන්න.
• අමුත්තන්ගේ පැමිණීම දිරිගන්වන්න එපා./ හැකි තරම් අමුත්තන්ගේ පැමිණීම අවම කරන්න.
• ඔබත්, ගෙදර අනෙක්අයත්, නිරතුරුවම හොඳින් දෑත් සේදිය යුතුයි. (දෑත් සෝදන විට අඩු වශයෙන් තත්පර 20ක්වත් එම කටයුත්ත සිදු කරන්න)
• පිඟන්, කෝප්ප, වීදුරු, තුවා සහ ඇඳරෙදි හවුලේ පාවිච්චි කරන්නට එපා.ඔබගේ උපකරණ සබන් සහ වතුර පාවිච්චි කරමින් වෙනම හොඳින් සෝදන්න.
•කහින සහ කිවිසුම් යන විට, ඉවත දමන ටිෂූ කඩදාසියකින් හෝ ඔබගේ වැලමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය කරගන්න. භාවිතා කරන ලද ටිෂූ කඩදාසි පියනක් සහිත කසල බඳුනකට ආරක්ෂාකාරීව බැහැර කරන්න.
• ඔබ විසින් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ, ටිෂූ සහ අත්මේස් පියනක් සහිත කසල බඳුනකට ආරක්ෂිත අන්දමින් බැහැර කරන්න.
• ඇස්, නාසය සහ මුඛය නොසේදූ අත්වලින් අල්ලන්නට එපා.
• අඩු වශයෙන් දිනකට දෙවරක්වත් ඔබගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරගන්න.
• ඔබට උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟ රිදීම සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ තිබේ නම්, වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ/ හෝ වෛද්‍ය නිලධාරි වෙත දැනුම්දෙන්න.
• දුරකථන අංක 1990 ඔස්සේ සුවසැරිය ගිලන් රථ සේවය අමතා ආසන්නතම අදාළ රෝහල වෙත ගමන් පහසුකම් සපයාගන්න.
මූලාශ්‍රය: වසංගත රෝග ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය
COVID-19 කොරෝනා ව්‍යාප්තිය වන මේ අවදියේදී, ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස්

ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දුරකතනයෙන් අමතා ඒ බව දැනුම් දෙන්න.
ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී කාන්තාවන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.
ඔබගේ ගර්භණි කාලය මාස 8 කට (සති 32 කට) අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේ නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වත්මන් තත්ත්වය පිලිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න.
හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වලකින්න - උදා. උත්සව සහ වෙළදසැල් වෙත යාම.
- දියවැඩියාව
- අධික රුධිර පීඩනය
- හෘද රෝග
- ශ්වසන ආබාධ
- වෙනත් කිසියම් රෝග ලක්ෂණ හෝ අපහසුතාවයක් ඇත්නම්
වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගත හැක.
වෙළඳසල්වලදී කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම වළක්වාගැනීමට ගත යුතු පියවර

ඔබ පෝලිමක සිටගෙන සිටින විට, ඔබ සහ අනෙකුත් පාරිභෝගිකයන් අතර අඩු වශයෙන් මීටර් එකක පරතරයක් තබාගන්න.
වෙළඳසලට ඇතුළු පෙර, සබන් හෝ අත් සෝදන ද්‍රාවණයක් භාවිතා කර දෑත් සෝදන්න. දෑත් සේදීමෙන් වයිරසය ව්‍යාප්තිය සාර්ථක ලෙස මැඩලිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
හේතුවක් නොමැතිව ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න. එසේ ඇල්ලීම වයිරසය පැතිරීමට හේතු වේ.
ඔබට උණ, කැස්ස, සෙම්ප්රතිෂ්යාවවැනි රෝග ලක්ෂණ තිබේ නම් වෙළඳසල්වලට යාමෙන් වළකින්න.
ඔබට අවශ්‍ය දේ විතරක් මිල දී ගන්න. එය ඔබගේ ජාතික වගකීමකි.
වෙළඳසල්වල පෝලිමේ සිටින විට වැඩිහිටියන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්න. කොවිඩ්-19 වයිරසය නිසා ඔවුන් අනෙක් අයට වඩා දැඩි ලෙස අසනීප වීමේ ඉඩක් තිබේ.
සේවා ස්ථානයේදී කොවිඩ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර

අප වැඩ කරන ස්ථානවල සෑහෙන කාලයක් ගත කරනවා. එම නිසා අපගේ සේවා ස්ථාන කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා කරගැනීමට අප සැලකිලිමත් විය යුතුයි.
ඔබේ සේවා ස්ථානය ආරක්ෂා කරගන්නට පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න.
කිසියම් කෙනෙකු උණ, කැස්ස හෝ සෙම්ප්රතිෂ්යාවවැනි සරල රෝග ලක්ෂණ පෙන්වනවා නම් එය මුළුමනින් ම සුව වනතුරු වැඩට නොගොස් සිටින්නැයි උපදෙස් දෙන්න. හැකිනම්, ගෙදර සිට වැඩකිරීමට එම පුද්ගලයාට පහසුකම් සපයන්න.
එක් පුද්ගලයකුට වඩා වැඩි පිරිසක් විසින් පාවිච්චි කරනු ලබන දොර අගුල්, දුරකථන රීසීවර, මේස මතුපිට, ස්ටේප්ලර් යන්ත්‍ර ආදිය විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න.
නිරතුරුවම ඔබේ දෑත් සබන් යොදා පිරිසිදු කරන්න. ඔබගේ මුහුණ, කට, නහය සහ ඇස් ඇල්ලීමෙන් වළකින්න. කොවිඩ්-19 වයිරසය සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ස්පර්ශය මගිනි.
සෙනග ගැවසීම හැකිතරම් වළක්වන්න. රැස්වීම් තාවකාලිකව නවත්වා ඒ සඳහා අන්තර්ජලය හරහා සිදු කෙරෙන වීඩියෝ රැස්වීම් සහ සමූහ දුරකථන ඇමතුම් වැනි නවීන සන්නිවේදන ක්‍රම භාවිතා කරන්න.
ඔබගේ සේවා ස්ථානයේ කොරෝනා වයිරසය පැතිරීම වළක්වා ගතහොත්,, ඒ තුළින් ඔබගේ ආදරණීය පවුලේ සාමාජිකයින් කරාද මෙම වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ අවම කර ගත හැකිය.
List of hospitals for COVID-19 Treatment

බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය
ශ්‍රී ලංකා ජාතික රෝහල
ශික්ෂණ රෝහල - රාගම
ශික්ෂණ රෝහල - කරපිටිය
ශික්ෂණ රෝහල - අනුරාධපුර
ශික්ෂණ රෝහල - කුරුණගල
ශික්ෂණ රෝහල - යාපනය
ජාතික රෝහල - මහනුවර
ශික්ෂණ රෝහල - මඩකලපුව
දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ
දිස්ත්‍රික් මහ රෝහල - මීගමුව
ශික්ෂණ රෝහල - රත්නපුර
පළාත් මහ රෝහල - බදුල්ල
රිජ්වේ ආර්යා ළමා රෝහල
ඩි සොයිසා කාන්තා රෝහල
දිස්ත්‍රික් මහ රෝහල - පොලොන්නරුව
දිස්ත්‍රික් මහ රෝහල - කලුබෝවිල
කාසල් වීදියේ ශික්ෂණ රෝහල
මූලික රෝහල - හම්බන්තොට
මූලික රෝහල - මොනරාගල
මූලික රෝහල - වැලිකන්ද
දිස්ත්‍රික් මහ රෝහල - කළුතර
ළය රෝහල - වැලිසර
මූලික රෝහල - මුල්ලේරියාව
මූලික රෝහල - හෝමාගම
නෙවිල් ප්‍රනාන්දු රෝහල
දිස්ත්‍රික් මහ රෝහල - හලාවත
දිස්ත්‍රික් මහ රෝහල - මාතර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල
දිස්ත්‍රික් මහ රෝහල - වවුනියාව
මූලික රෝහල - මාරවිල
දශික්ෂණ රෝහල - ශ්‍රී ජයවර්ධනපුර
මූලික රෝහල - බේරුවල
මූලික රෝහල - කාතන්කුඩි
මූලික රෝහල - මිනුවන්ගොඩ
නාවික හමුදා රෝහල
බෝ නොවන රෝග වලට ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වන උපදෙස් මාලාව

(දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, නිදන්ගත ශ්වසන රෝග, අධික කොලෙස්ටරෝල්, අක්මා ආබාධ, තයරොයිඩ් ආබාධ, වැනි රෝග)
බෝ නොවන රෝග සඳහා වෛද්‍ය නිර්දේශ මත ඔබ දැනට භාවිතා කරන ඖෂධ දිගටම භාවිතා කරන්න.
ඔබගේ ඖෂධ ලබා ගැනීම සඳහා වගකිව යුතු පුද්ගලයෙක්, ඔබගේ වෛද්‍ය වාර්තා සහ ලියකියවිලි සමග අදාල සායනයට එවන්න.
ඔබට නියමිත සායාන දිනයේදී එම සායනයට සහභාගී වීමට නොහැකි වුවහොත්, ඉන්පසු ඕනෑම සතියේ දිනෙක බාහිර රෝගී අංශයට පැමිණ ඔබට හිමි ඖෂධ ලබා ගන්න.
හැකි සෑමවිටම, එකිනෙකා අතර මීටරයක පරතරයක් තබා ගන්න.
ඔබට ශ්වසනාබාධයක රෝග ලක්ෂණ (කැස්ස, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ) ඇත්නම්, කරුණාකර ළඟම රෝහල හෝ අංක 117 (විශේෂ කොවිඩ්-19 ඇමතුම් අංකය ) අමතන්න. ඔබට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම් (ඉහත රෝග ලක්ෂණ සමග ළඟදී විදේශ සංචාරයක නිරත වූවා නම් හෝකොවිඩ්-19 යැයි සැක සහිත හෝ තහවුරු කළ රෝගියෙකු ඇසුරු කළා නම්), වහාම ළඟම ඇති විශේෂිත කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යන්න. වෛද්‍ය සායනය වෙත යාමෙන් වළකින්න.
බෝ නොවන රෝග සඳහා හදිසි ප්‍රතිකාර රෝහල් තුළ පෙර ලෙසම සිදු කරනු ලැබේ.
ඔබ ස්වයං නිරෝධායනයකට ලක්වී ඇත්නම්, ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතා ඔබට අවශ්‍ය ඖෂධ ලබා ගන්න.
ඔබට ශ්වසනාබාධයක රෝග ලක්ෂණ (කැස්ස, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ) ඇත්නම්, කරුණාකර ළඟම රෝහල හෝ අංක 117 (විශේෂ කොවිඩ්-19 ඇමතුම් අංකය ) අමතන්න.
ඔබට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම්, වෛද්‍ය සායනය වෙත යාමෙන් වළකින්න.
ඔබට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම් (ඉහත රෝග ලක්ෂණ සමග ළඟදී විදේශ සංචාරයක නිරත වූවා නම් හෝකොවිඩ්-19 යැයි සැක සහිත හෝ තහවුරු කළ රෝගියෙකු ඇසුරු කළා නම්), වහාම ළඟම ඇති විශේෂිත කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යන්න.
PCR Testing Laboratories for COVID-19
Download videos related to COVID-19 prevention
Download research publications related to COVID-19 prevention
An interim review of the epidemiological characteristics
Clinical characteristics of novel corona virus
Effectiveness of airport screening at detecting travellers
Incubation period of 2019 novel coronavirus (2019- nCoV) infections among travellers from Wuhan, China, 20–28 January 20206).
Epidemiological research priorities for public health control of the ongoing global novel coronavirus (2019- nCoV) outbreak.