- Home
- News and Events
බලන බලන තැන අඳුරු ලප හෝ බොඳ වූ පැල්ලම් පේනවද? එය දියවැඩියා රෙටිනෝපති (Diabetic Retinopathy) විය හැකියි.
බලන බලන තැන අඳුරු ලප හෝ බොඳ වූ පැල්ලම් පේනවද? එය දියවැඩියා රෙටිනෝපති (Diabetic Retinopathy) විය හැකියි.
දියවැඩියාව, ඔබට වෙනස්කම් නොදැනෙන තෙක්, නිහඬව ඔබේ පෙනීමට හානි කළ හැකියි. රෝග ලක්ෂණ පෙන්වන විට, හානිය බරපතල විය හැකියි. ඒ නිසා මේ ගැන දැනුවත් වීම අතිශය වැදගත්.
ඔබට වැඩි අවදානමක් ඇත්තේ:
වසර ගණනාවක් තිස්සේ දියවැඩියාව තිබේ නම්
ඔබේ සීනි මට්ටම ස්ථාවරව තබා ගැනීමට අපහසු නම්
අධි රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් තිබේ නම්
දුම්පානය කරන්නේ නම්
ඔබට පෙනීම නැතිවීම වළක්වා ගත හැක.
• සෑම වසරකම අක්ෂි වෛද්‍යවරයකු ලවා ඔබේ ඇස් පරීක්ෂා කර ගන්න.
• දියවැඩියා රෙටිනෝපති තත්ත්වය කලින් හඳුනා ගැනීමෙන් ඔබේ පෙනීම සම්පූර්ණයෙන් නැති වී යාමට පෙර එය නැවැත්විය හැකිය.
අදම පාලනය අතට ගන්න:
• ඔබේ රුධිරයේ සීනි, පීඩනය සහ කොලෙස්ටරෝල් කළමනාකරණය කරන්න
• සෞඛ්‍ය සම්පන්නව අනුභව කර සක්‍රීයව සිටින්න
• දුම්පානය නතර කරන්න
"ලෝකය මැකී යන තුරු බලා නොසිටින්න"
ඔබේ පෙනීම ආරක්ෂා කර ගන්න. ඔබේ ඇස් පරීක්ෂා කරවා ගන්න
Do you see dark spots or blurry patches in your vision? It might not be your glasses or tired eyes. It could be diabetic retinopathy.
Diabetes can damage your sight quietly, long before you notice changes. By the time symptoms show, the harm can be serious.
You’re at higher risk if you:
Have had diabetes for many years
Struggle to keep your sugar levels steady
Have high blood pressure or cholesterol
Smoke regularly
The good news: you can prevent vision loss.
• Get your eyes checked every year by an eye doctor.
• Early detection can stop diabetic retinopathy before it steals your sight.
Take control today:
• Manage your blood sugar, pressure, and cholesterol
• Eat healthy and stay active
• Quit smoking
Don’t wait until the world fades.
Protect your sight. Get yourself tested
සිංහල