healthpromo@sltnet.lk
  • English
  • සිංහල
  • தமிழ்
  • எங்களை பற்றி
    • எங்களை பற்றி
    • வரலாறு
    • முடிவுகள் கட்டமைப்பு
    • அமைப்பின் கட்டமைப்பு
    • பணிப்பாளர் காரியாலயம்
  • தொழில்நுட்ப அலகுகள்
    • தொழில்நுட்ப அலகுகள்
      • மூலோபாய தகவல், திட்டமிடல், கண்காணிப்பு மற்றும் மதிப்பீட்டு பிரிவு
      • சமூக சுகாதார மேம்பாடு மற்றும் சமூக ஊடக பிரிவு
      • குடும்ப ஆரோக்கியம், ஊட்டச்சத்து தொடர்பு மற்றும் நடத்தை ஆராய்ச்சி
      • சுகாதார தொடர்பு, வாழ்க்கைத் திறன்கள் மற்றும் ஊடகம்
      • பயிற்சி, தகவல், கல்வி மற்றும் தொடர்பு மேம்பாடு மற்றும் கண்காட்சி பிரிவு (TRU/IEC)
      • கொள்கை மற்றும் advocacy, இடர் தொடர்பு மற்றும் பணியிட சுகாதார மேம்பாடு.
      • வாய்வழி சுகாதார மேம்பாடு
  • வளங்கள்
    • வெளியீடுகள்
    • தொடர்பு மற்றும் பயிற்சி தொகுப்புகள்
    • IEC
    • சுற்றறிக்கைகள்
    • தரவு சேகரிப்பு படிவங்கள்
    • டெங்கு புதுப்பிப்புகள்
    • விரிவான பாலியல் கல்வி (CSE)
  • ஊட்கம்
    • புகைப்பட தொகுப்பு
    • வீடியோ கேலரி
    • செய்திகள், நிகழ்வுகள் மற்றும் அறிவிப்புகள்
  • அடிக்கடி கேட்கப்படும் கேள்விகள்
  • eHEAPIMS
  • எங்களை தொடர்பு கொள்ளவும்
  •  Language: தமிழ்
    •  English English
    •  සිංහල සිංහල
    •  தமிழ் தமிழ்
healthpromo@sltnet.lk
  • English
  • සිංහල
  • தமிழ்
  • எங்களை பற்றி
    • எங்களை பற்றி
    • வரலாறு
    • முடிவுகள் கட்டமைப்பு
    • அமைப்பின் கட்டமைப்பு
    • பணிப்பாளர் காரியாலயம்
  • தொழில்நுட்ப அலகுகள்
    • தொழில்நுட்ப அலகுகள்
      • மூலோபாய தகவல், திட்டமிடல், கண்காணிப்பு மற்றும் மதிப்பீட்டு பிரிவு
      • சமூக சுகாதார மேம்பாடு மற்றும் சமூக ஊடக பிரிவு
      • குடும்ப ஆரோக்கியம், ஊட்டச்சத்து தொடர்பு மற்றும் நடத்தை ஆராய்ச்சி
      • சுகாதார தொடர்பு, வாழ்க்கைத் திறன்கள் மற்றும் ஊடகம்
      • பயிற்சி, தகவல், கல்வி மற்றும் தொடர்பு மேம்பாடு மற்றும் கண்காட்சி பிரிவு (TRU/IEC)
      • கொள்கை மற்றும் advocacy, இடர் தொடர்பு மற்றும் பணியிட சுகாதார மேம்பாடு.
      • வாய்வழி சுகாதார மேம்பாடு
  • வளங்கள்
    • வெளியீடுகள்
    • தொடர்பு மற்றும் பயிற்சி தொகுப்புகள்
    • IEC
    • சுற்றறிக்கைகள்
    • தரவு சேகரிப்பு படிவங்கள்
    • டெங்கு புதுப்பிப்புகள்
    • விரிவான பாலியல் கல்வி (CSE)
  • ஊட்கம்
    • புகைப்பட தொகுப்பு
    • வீடியோ கேலரி
    • செய்திகள், நிகழ்வுகள் மற்றும் அறிவிப்புகள்
  • அடிக்கடி கேட்கப்படும் கேள்விகள்
  • eHEAPIMS
  • எங்களை தொடர்பு கொள்ளவும்
  •  Language: தமிழ்
    •  English English
    •  සිංහල සිංහල
    •  தமிழ் தமிழ்
  • வீடு
  • செய்திகள் மற்றும் நிகழ்வுகள்
வெளியிடப்பட்டது - 31 டிச. 2024

Gastritis or heart attack?

හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද?               

සුමුදු  ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම  ආයතනයේ   වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා.  ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ   මත්පැන් සාදයකින්.

හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද?
සුමුදු ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම ආයතනයේ වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා. ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ මත්පැන් සාදයකින්. සුමුදු දුම් බොන කෙනෙක්. සුමුදුගේ කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාමයක් කරන්න යොමු වුනෙත් නැහැ. මේ වෙනකොට සුමුදු අධික ස්තූලතාවෙන් පෙළෙනවා. දවසක් සුමුදුට ව්‍යාපාරික කටයුත්තකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. වාහනය එලවගෙන ගියේ සුමුදු. නමුත් තනියට තව යාළුවෙක් එක්කගෙන ගියා. නුවරඑළියේ මීටින් එක ඉවර වෙලා මත්පැන් සාදයකින් පසුව දවල්ටත් කෑම කාලා නවාතැන්පොළට ගියා. හවස තිස්සෙම සුමුදුට පපුවේ දැවිල්ලක් දැනුනා. ඒ දැවිල්ල හරියට පපුවේ මැද්දෙන් ආවෙ. හරියට ඇඹුල් විනාකිරි වැඩිපුර දාපු කෑමක් කෑවෑයින් පස්සේ බඩේ දැවිල්ලක් එනවා වගේ. සුමුදුට දාඩියත් දැම්මා. මහත වැඩි නිසා සුමුදු ඉඳගත්තහම බඩ තෙරපෙනවා වැඩියි. බොහෝ වෙලාවට කෑමෙන් පස්සේ උගුරට එන ගතියකුත් සුමුදුට තියෙනවා. තෙල් වැඩි කෑම දවල්ට කාපු නිසා සුමුදු හිතුවම ගැස්ට්‍රයිටිස් ගතියක් ඇවිල්ලා උගුරට එනවා වගේ කියලා. වෙනදා ගැස්ට්‍රයිටිස් වැඩි උනහම එනවා වගේ වේදනාවක්/ දැවිල්ලක් නිසා සුමුදු පොඩ්ඩක් විවේක ගන්න ඇඳට ගියා. යන ගමන් යාළුවට මේ වේදනාව ගැනත් කිව්වා. යාලුවා කිව්වා "මචං අපි දැන් කොල්ලො නෙවෙයි , ඒ නිසා පපුවේ අමාරුවක් වේදනාවක් ආවොත් පොඩ්ඩක් හිතන්න ඕනේ හාට් ඇටෑක්ද දන්නෙත් නෑ" හෘදයාබාධයකදී නැත්තං හාට් ඇටෑක් එකකදී එන වේදනාව ගැන සුමුදු අහල තිබුනේ වෙනස් විදිහකට. පපුවේ වම් පැත්තේ හිර කරනවා වගේ වේදනාවක්. වම් අත දිගේ පැතිරීගෙන යන වේදනාවක්. ඔය විදිහට තමයි හෘදයාබාධක් නිසා ඇතිවන පපුවේ වේදනාව ගැන අහල තිබුණේ. සුමුදුගේ වේදනාව එහෙම වේදනාවක් නොවන නිසා සුමුදු හාට් ඇටෑක් එකක් ගැන බයක් ඇතිකර ගත්තේ නැහැ. සුමුදු නිදාගන්න ඇඳට ගියා. ඇඳේ ඒ මේ අත හාන්සිවෙලා බැලුවා. ඒත් නින්ද යන්නෙ නැහැ. පපුවේ දැවිල්ල වැඩිවෙන්නෙත් නැහැ. වේදනාව ඒ වගේමයි. අඩු වෙන්නෙත් නෑ. පැය දෙක තුනකට පමණ පස්සේ ඇඟටත් පණ නැති ගතියක් ආවා. නින්ද යන්නෙත් නැහැ. වෙනදට වැඩිය වෙනස්. සුමුදු යාළුවට කතා කරා. සුමුදුගේ අදහස වුණේ ඇඟට ටිකක් හරි මදි නිසා ඉක්මනින්ම කොළඹ ගෙදරට යන්න. නමුත් යාලුවගෙ පෙරැත්තට සුමුදු ළඟම තියෙන රෝහලට ගියා. රෝග ලක්ෂණ කිව්වයින් පස්සේ වෛද්‍යවරයා සුමුදුගේ හෘදයේ ECG පටියක් ගත්තා. ඒ වගේම රුධිර පරීක්ෂණ වලටත් ලේ ගත්තා. හෘදයාබාධයකදී රුධිරයේ ඇතැම් එන්සයිමවල වැඩිවීමක් සිදුවෙනවා. මේ රුධිර පරීක්ෂණවලින් තහවුරු කරගන්න පුළුවන් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන්නේ හෘදයාබාධයක් ද ?නැද්ද? කියන එක. ඒත් එක්කම සුමුදුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී සුමුදුගේ රුධිර පීඩනය මැන බැලුවා. හදිසි ප්‍රතිකාරයක් වශයෙන් දිව යට තියන පෙත්තකුත් තිබ්බා. ECG පරීක්ෂණ වාර්තාවයි, රුධිර පරීක්ෂණ වාර්තාවයි ලැබුණායින් පස්සේ වෛද්‍යවරයා තීරණය කළා සුමුදුට හෘදයාබාධයක් ඇතිවී තිබෙන බව. සුමුදුට අදහා ගන්න බැරුව ගියා. යාළුවා කියපු දේ අහන්නැතුව කොළඹ ගියා නම් මගදි ලොකු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට ජීවිතෙත් නැති වෙන්න තිබුණා. සුමුදුට හෘදයාබාධය සඳහා මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් වැඩි වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට මාරු කරා. ඒ රෝහලේදී සිදුකළ Angiogram පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණා. සුමුදුගේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි වල ශාඛා කීපයක් අවහිරවී ඇති බව. හෘදය තුළ කොතරම්ම රුධිරය තිබුණත් හෘදයේ භාවිතය සඳහා රුධිරය ලබාගන්න බැහැ. හෘදයට රුධිරය සපයන්නේ වෙනමම අතු බෙදී ගිය ලේ නහරයකින්. හෘදයේ බිත්තිවල ඇති මාංශ පේශවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන කුඩා ලේ නහර කිරිටක දමනි ලෙස හඳුන්වනවා. මෙම කිරීටක දමනි අවහිර වීමක් සිදුවුනොත් හෘදයේ මාංශපේෂියට ලැබෙන රුධිරය අවහිර වී හෘද මාංශ පේශි මිය යනවා. මේ තත්ත්වය තමයි හෘදයාබාධයක් කියන්නේ. එවිට පෙර පරිදි හෘදයේ සංකෝචනය සිදුවන්නේ නැහැ. එවිට දේහය පුරා රුධිරය පොම්ප කිරීම ඇණ හිටිනවා. හෘදයාබාධයකට ඉක්මනින්ම ප්‍රතිකාර කර එම අවහිරතා ඉවත් කරේ නැතිනම් රෝගියා මිය යන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී ඉක්මනින්ම හෘදයාබාධයකින් පෙළෙන සුමුදුව හදිසි ශල්‍යකර්මයකට යොමු කරා. සුමුදුගේ ප්‍රධානවම අවහිර වී ඇති කිරීටක ධමනියට stent එකක් දමා අවහිරතාවය වැළැක්වූවා. සුමුදුගේ ජීවිතය බේරුනා. සුමුදු යාළුවට මුළු හදවතින්ම ස්තුති කළා. යාළුවගේ කීම අහපු නිසයි සුමුදු බේරුනේ. හෘදයාබාධයක් නිසා එන වේදනාවයි ගැස්ට්‍රයිටිස් නිසා එන පපුවේ වේදනාවයි බොහෝ දෙනෙක් පටලව ගන්නවා. හෘදයාබාධයක දී පෙන්නන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට පපුව හිර කරනා වගේ. තව කෙනෙක් කියන්නේ පපුව උඩ ගලක් තිබ්බ වගේ හුස්ම ගන්න බැරි වෙනවා වගේ වේදනාවක් දැනෙනවයි කියල. තව කෙනෙක්ගෙ වේදනාව පපුව දැවිල්ලක් වගේ බොහෝ වෙලාවට මේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා පටලව ගන්නවා. හෘදයාබාධයකදී පපුවේ වම් පැත්තෙන් ඇවිත් වම් අත දිගේ පැතිරෙන වේදනාව හැමෝටම එන්නෙ නැහැ. සමහර අය කියන්නේ වේදනාව බෙල්ල දිගේ ගියයි කියලා. තවත් අය කියනවා තද දතක වේදනාවක් දැනුනයි කියලා. සමහර අයගේ වේදනාව පිටුපස කොන්දෙනුත් එනවා. හෘදයාබාධයකදී ඇතිවන වේදනාව පුද්ගලයා අනුව වෙනස් වන නිසා පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා නොසලකා හැරියොත් නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයකට එන එක වඩා හොඳයි. සුමුදුගේ කතාව මතක තියාගන්න.

இந்த இடுகையைப் பகிரவும்
sharing-icon

இணைப்பை நகலெடுக்கவும்

x-icon facebook-icon linkdin-icon

சுகாதாரத் தகவல்தொடர்பு, சமூக அதிகாரமளித்தல், சமூக ஈடுபாடு மற்றும் புதுமையான ஆராய்ச்சி மூலம் பொது சுகாதாரத்தை மேம்படுத்த நாங்கள் உறுதிபூண்டுள்ளோம்.

Last updated on: June 19, 2025

எங்களைப் பின்தொடரவும்

Developed with the Support of UNFPA

தொடர்பு விவரங்கள்

முகவரி

சுகாதார மேம்பாட்டு பணியகம்
இலக்கம் 2, கைன்சி வீதி, கொழும்பு 08,
இலங்கை.

தொலைபேசி

+9411 2696 606 +9411 269 6142

தொலை நகலி

011 269 2613

மின்னஞ்சல்

healthpromo@sltnet.lk

முக்கியமான தொடர்புகள்

சுவாசரியா ஹாட்லைன் :

1999
சுகாதார அமைச்சு : +9411 269 4033
குடும்ப சுகாதார பணியகம் : +9411 268 1309
தொற்றுநோயியல் பிரிவு : +9411 269 5112
ஊட்டச்சத்து பிரிவு : +9411 236 8320

பதிப்புரிமை © சுகாதார மேம்பாட்டு பணியகம், அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

தனியுரிமைக் கொள்கை மற்றும் பயன்பாட்டு விதிமுறைகள்

வலை வடிவமைப்பு மற்றும் மேம்பாடு சேபிரியன்