healthpromo@sltnet.lk
  • English
  • සිංහල
  • தமிழ்
  • எங்களை பற்றி
    • எங்களை பற்றி
    • வரலாறு
    • முடிவுகள் கட்டமைப்பு
    • அமைப்பின் கட்டமைப்பு
    • பணிப்பாளர் காரியாலயம்
  • தொழில்நுட்ப அலகுகள்
    • தொழில்நுட்ப அலகுகள்
      • மூலோபாய தகவல், திட்டமிடல், கண்காணிப்பு மற்றும் மதிப்பீட்டு பிரிவு
      • சமூக சுகாதார மேம்பாடு மற்றும் சமூக ஊடக பிரிவு
      • குடும்ப ஆரோக்கியம், ஊட்டச்சத்து தொடர்பு மற்றும் நடத்தை ஆராய்ச்சி
      • சுகாதார தொடர்பு, வாழ்க்கைத் திறன்கள் மற்றும் ஊடகம்
      • பயிற்சி, தகவல், கல்வி மற்றும் தொடர்பு மேம்பாடு மற்றும் கண்காட்சி பிரிவு (TRU/IEC)
      • கொள்கை மற்றும் advocacy, இடர் தொடர்பு மற்றும் பணியிட சுகாதார மேம்பாடு.
      • வாய்வழி சுகாதார மேம்பாடு
  • வளங்கள்
    • வெளியீடுகள்
    • தொடர்பு மற்றும் பயிற்சி தொகுப்புகள்
    • IEC
    • சுற்றறிக்கைகள்
    • தரவு சேகரிப்பு படிவங்கள்
    • டெங்கு புதுப்பிப்புகள்
    • விரிவான பாலியல் கல்வி (CSE)
  • ஊட்கம்
    • புகைப்பட தொகுப்பு
    • வீடியோ கேலரி
    • செய்திகள், நிகழ்வுகள் மற்றும் அறிவிப்புகள்
  • அடிக்கடி கேட்கப்படும் கேள்விகள்
  • eHEAPIMS
  • எங்களை தொடர்பு கொள்ளவும்
  •  Language: தமிழ்
    •  English English
    •  සිංහල සිංහල
    •  தமிழ் தமிழ்
healthpromo@sltnet.lk
  • English
  • සිංහල
  • தமிழ்
  • எங்களை பற்றி
    • எங்களை பற்றி
    • வரலாறு
    • முடிவுகள் கட்டமைப்பு
    • அமைப்பின் கட்டமைப்பு
    • பணிப்பாளர் காரியாலயம்
  • தொழில்நுட்ப அலகுகள்
    • தொழில்நுட்ப அலகுகள்
      • மூலோபாய தகவல், திட்டமிடல், கண்காணிப்பு மற்றும் மதிப்பீட்டு பிரிவு
      • சமூக சுகாதார மேம்பாடு மற்றும் சமூக ஊடக பிரிவு
      • குடும்ப ஆரோக்கியம், ஊட்டச்சத்து தொடர்பு மற்றும் நடத்தை ஆராய்ச்சி
      • சுகாதார தொடர்பு, வாழ்க்கைத் திறன்கள் மற்றும் ஊடகம்
      • பயிற்சி, தகவல், கல்வி மற்றும் தொடர்பு மேம்பாடு மற்றும் கண்காட்சி பிரிவு (TRU/IEC)
      • கொள்கை மற்றும் advocacy, இடர் தொடர்பு மற்றும் பணியிட சுகாதார மேம்பாடு.
      • வாய்வழி சுகாதார மேம்பாடு
  • வளங்கள்
    • வெளியீடுகள்
    • தொடர்பு மற்றும் பயிற்சி தொகுப்புகள்
    • IEC
    • சுற்றறிக்கைகள்
    • தரவு சேகரிப்பு படிவங்கள்
    • டெங்கு புதுப்பிப்புகள்
    • விரிவான பாலியல் கல்வி (CSE)
  • ஊட்கம்
    • புகைப்பட தொகுப்பு
    • வீடியோ கேலரி
    • செய்திகள், நிகழ்வுகள் மற்றும் அறிவிப்புகள்
  • அடிக்கடி கேட்கப்படும் கேள்விகள்
  • eHEAPIMS
  • எங்களை தொடர்பு கொள்ளவும்
  •  Language: தமிழ்
    •  English English
    •  සිංහල සිංහල
    •  தமிழ் தமிழ்
  • வீடு
  • செய்திகள் மற்றும் நிகழ்வுகள்
வெளியிடப்பட்டது - 31 டிச. 2024

The Dark Truth of Skin Whitening Cream

හම සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඇත්ත දැනගත්තොත් ඔයා සුදු මැළි වෙයි..                              

දින කීපයකින් සම සුදු කර දෙන ක්‍රීම් ගැන වෙළඳපොලේ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. එවැනි නිෂ්පාද දැන් වෙළඳපොලේ වැහි වැහැලා. ඇත්තටම මේ ක්‍රීම් වර්ග සමේ ආලේප කලායින් පස්සේ මොකක්ද අපිට වෙන්නේ? 

හම සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඇත්ත දැනගත්තොත් ඔයා සුදු මැළි වෙයි..
දින කීපයකින් සම සුදු කර දෙන ක්‍රීම් ගැන වෙළඳපොලේ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. එවැනි නිෂ්පාද දැන් වෙළඳපොලේ වැහි වැහැලා. ඇත්තටම මේ ක්‍රීම් වර්ග සමේ ආලේප කලායින් පස්සේ මොකක්ද අපිට වෙන්නේ?
මේ ක්‍රීම් නිසා හම කොහොමද සුදු වෙන්නේ?
සුදු හම දිගටම පවත්වාගන්න පුළුවන්ද?
මේ වගේ ක්‍රීම් ගාලා හම සුදු කරගන්න එක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක්ද? මොනවගේ අතුරු ආබාධ ද මේ ක්‍රීම් නිසා ඉදිරියේදී අපිට ඇතිවෙන්න පුළුවන්?
ඔබ මේ ගැන හිතුවද?
ඔය ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන මම ගියා කොළඹ මහ රෝහලේ චර්ම රෝග සායනයට චර්ම විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. "Doctor මට ඕනේ මේ Skin Whitening Cream නැත්තං හම සුදු කරන ක්‍රීම් ගැන ඇත්ත දැනගන්න."
මට පොඩි වෙලාවක් ඕනේ. ඔයාට පේනවද අර තරුණ ගැහැණු ළමයෙක් ඇවිත් ඉන්නව ක්ලිනික් එකට. එයත් ඇවිල්ලා ඉන්නේ ඔයා ඔය අහපු ප්‍රශ්නෙ නිසා ගැටලුවකට මැදිවෙලා. මං ගිහිල්ලා ඒ ලෙඩාව බලලා ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. වෛද්‍යවරයා ගිහින් තරුණ ගැහැණු දරුවයි එයත් එක්ක ආපු දෙමව්පියොයි එක්ක කතා කරනවා මම දැක්කා. ඒ ලෙඩාගේ ප්‍රශ්නෙට උපදෙස් සහ ප්‍රතිකාර දීල විනාඩි විස්සකට විතර පස්සේ doctor නැවත මා ළඟට ආවා. "මොකක්ද doctor ඒ ළමයට වෙලා තියෙන්නේ?" ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අර දරුවාගේ කතාවම හොඳයි කියලා මට හිතෙනවා. ඒ දරුවා වයස අවුරුදු 16ක තරුණ ගෑණු දරුවෙක්. ටියුෂන් වලට යන්න ගෙදරින් දෙන සල්ලි වලින් මේ දරුවා හම සුදු වෙන්න කියලා වෙළඳ පොලේ තියෙන ක්‍රීම් වර්ග අරගෙන මාස 6 තිස්සේ මූණේයි කකුලෙයි ගාලා තියෙනවා. ඒ ක්‍රීම් වර්ගය ගැන එයාට කියලා තියෙන්නේ යාළුවෙක්. යාළුවා ඒ ගැන දැනගෙන තියෙන්නෙ social media වල ෆේස්බුක් ඇඩ් එකකින්. මේ ළමයිට අවශ්‍ය වෙලා තිබුණේ ඒගොල්ලන්ගේ තලෙළු සම සුදු කරගන්න එක විතරයි. මිනිසුන්ගේ හමේ වර්ණය වෛද්‍ය විද්‍යානුකූලව කාණ්ඩ හයකට (grade 1-6) වර්ග කරලා තියෙනවා. අංක 1 කියන්නේ සුදු ජාතිකයින්ගේ හමේ සුදට. අංක 6 කියලා කියන්නේ ගොඩක්ම තද කළු වර්ණයක් සහිත අප්‍රිකානු ජාතිකයින්ගේ හමේ පාටට. ලංකාවේ අපේ හමේ වර්ණය 4-6 අතර වෙනවා . ඒ කියන්නේ අපිට තියෙන්නේ තලෙළු සමක්. අපේ හමේ පාටට හේතු වෙන්නේ හමේ සෛලවල තියෙන කළු පාට වර්ණකය හෙවත් මෙලනින්. ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ සමකයට ආසන්නයෙන්. නිතරම තද හිරු එළිය වැටෙනවා. මේ මෙලනීන් වර්ණකය හමට වැටෙන සූර්ය කිරණවල තිබෙන අහිතකර පාරජම්බුල කිරණ වැනි පිළිකා ඇති කරන කිරණ අපේ ශරීරයට ඇතුළු වීම වළක්වනවා. අව්වට යනකොට අපි කළු පාට කුඩයක් ඉහළ ගෙන අපේ ඇඟ වහගන්නවා වගේ මේ මෙලනීන් වර්ණකය අහිතකර සූර්ය කිරණ වලින් අපේ ශරීරය ආරක්ෂා කර දෙනවා. නමුත් තරුණ ළමයි හමේ මේ ආරක්ෂාවට වැඩිය හිතන්නේ හමේ සුදු පාට, ලස්සන ගැන. හම සුදු උනාම ලස්සනයි කියලයි සමාජයේ මතයක් තියෙන්නේ. ඇත්තටම ඒක වැරදියි. සුදු ,කළු, තලලු අපි ඔක්කොම දැකුම්කලුයි. අවශ්‍ය වෙන්නේ සුදු හමක්ම විතරක් නෙවෙයි. සුවපත් සමක්. "Doctor ඉතින් කොහොමද මේ සම සුදු වන ක්‍රීම් ගෑවහම සුදු වෙන්නේ." මේ ක්‍රීම් වල කිසිම ප්‍රමතියකින් තොරව සායනික සංයෝග අඩංගු වෙනවා. ඒ සංයෝග අතර ප්‍රධාන වශයෙන්ම තියෙනවා ස්ටෙරොයිඩ් (steroids), රෙටිනොයිඩ්(retinoids), හයිඩ්‍රොක්විනොන් (hydroquinone) හා රසදිය වැනි සංඝටක. මේ සංඝටක වලින් මෙලනීන් නිෂ්පාදනය පරිවහනය සහ සෛල තුළ තැන්පත් කිරීම වළක්වනවා. එතකොට හමේ තද පැහැයට හේතුවන මෙලනීන් අඩුවීම නිසා හමේ වර්ණය සුදු ඇහැයට හැරෙනවා. නමුත් මේ සුදු පැහැය තාවකාලිකයි. සුදු පැහැය දිගින් දිගටම තබා ගන්න නොනවත්වා මේ cream සමේ ගාන්න අවශ්‍යයි. දිගු කාලයක් මෙම ක්‍රීම් ආලේප කරහම අපිට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙළඳපොළේ බහුලව සුදු වෙන්න ගාන ක්‍රීම් වල ස්ටෙරොයිඩ් අධික සාන්ද්‍රණයකින් එකතු කරලා තියෙනවා. මේ ස්ටෙරොයිඩ් නිතරම හමේ ගැල්වීම නිසා හම තුනී වෙනවා. හම තුනීවීම නිසා හම පුපුරලා පැලී යන්න පුළුවන්. ඒ වගේම හමේ පැලීම් ලකුණු නැත්නම් කැලලි ඇතිවෙනවා. මෙම පැලීම් ලකුණු නිසා ඇතිවන පැලීම් කැලලි නැවත සුව කරන්න අපහසුයි. ස්ටෙරොයිඩ් නිසා සම ඉක්මනට වයසට යනවා. සම තුනීවීම නිසා සමට යටින් ඇති රුධිර නහර ඉලිප්පිලා පේන්න පටන් ගන්නවා. සමේ දීප්තිමත් බව අඩුවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්ටෙරොයිඩ් නිසා හමේ ප්‍රතිශක්තියත් අඩුවෙලා නිතර නිතර බැක්ටීරියා දිලීර වැනි ආසාදන වලට ගොදුරු වෙනවා. ඔබ අහලා ඇතිනෙ සමේ ටීනියා දිලීර ආසාදනය ගැන. මේ ක්‍රීම් ගාන බොහෝ දෙනෙකුට බෙහෙත් වලට අහන්නේ නැති ටීනියා වැනි දිලීර ආසාදන නිතරම ඇතිවෙනවා. හම රතු වෙනවා කසනවා. මේ ආසාදන වලට ප්‍රතිකාර කරන්න සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ විතරක් නෙමෙයි හම මතුපිට ගාන මේ ස්ටෙරොයිඩ සම හරහා ලේ වලට අවශෝෂණය කරගෙන ශරීරය පුරා පැතිරෙනවා. ශරීරයට ඇතුළු වුණු ස්ටීරොයිඩ දියවැඩියාව ඇති කරන්න හේතු වෙනවා. මෙම ස්ටීරොයිඩ මගින් හෝමෝන අසමතුලිතතාවයක් ශරීරය තුළ ඇති කරලා දේහ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඇසේ පීඩනය වැඩි කරලා අන්ධභාවය ඇති කරන්නත් පුළුවන් වගේම ඇසේ සුද ඇති කිරීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙමේ ස්ටෙරොයිඩ සංඝටකය නිසා අස්ථි දිරනවා. ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ස්ටෙරොයිඩ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන නිසා ඇඟ ඇතුලේ නිතර විසබීජ ආසාදන තත්ත්ව ඇතිවෙන්නත් පුළුවන්. ඒක ඉතා භයානක තත්ත්වයක්. ඔය සුදු වෙන්න ගාන සමහර ක්‍රීම් වල තියෙන රසදිය නැමැති බැර ලෝහය පිළිකාකාරකයි. ඒ නිසා නිකරුණේ පිළිකා ඇතිකර ගැනීමක් රසදිය දාපු මේ වගේ ක්‍රීම් හම මත ආලේප කිරීම. මේ රසදිය නිසා වකුගඩු අකර්මණ්‍යතාවය පවා ඇතිවෙන්න පුළුවන්.
"ඩොක්ටර් ඉතිං ඔය සුදු වෙන්න ගාන ක්‍රීම් වල ලියලා තියෙන්නේ ඒවා ආයුර්වේද නිෂ්පාදන කියල. නැත්තං natural, Ayurvedic , herbal products කියලනේ. ඉතින් ඒ වගේ දේවල් වලින් හදන ක්‍රීමුත් විසද?" මේක වෙළඳ ලෝකයක්. හර්බල් ආයුර්වේද කියන නමට මුවා වෙලා කූට ව්‍යාපාරිකයෙන් මිනිස් ශරීරයේ ගල්වන්නට සුදුසු නැති අපි මුලින් සඳහන් කළ රසායනික සංඝටක අධික සාන්ද්‍රනයන්ගෙන් දමලා මේ වගේ සෞඛ්‍ය සම්පන්න නොවන නිෂ්පාදන හදනවා. ඒවට රැවටෙන්නෙ නැතුව ඉන්න එක අපි හැමෝගෙම යුතුකමක්.
"ඩොක්ට ටිකකට ඉස්සෙල්ලා බලපු අර ගෑණු ළමයාගේ තත්වේ මොකද්ද?
ඒ දරුවා මාස හයක් ඒ ක්‍රීම් ගාලානේ" ඔව් මුලදි මුලදි එයාගේ මූණ සුදු වෙලා තිබුණා. ඒ සුදු බව තියාගන්න එයා දිගටම ක්‍රීම් ගාලා. දැන් එයාගේ මූණ පුරාම කුරුලෑ ඇවිල්ලා. මූණ විකෘති වෙලා . එයාගේ හම දැන් හරි තුනියි. මොකද අර ස්ටීරොයිඩ් අධික ආලේපන දිගු කාලයක් ගහපු නිසා. ඒ විතරක් නෙමේ එයාගේ හම දැන් හරි ඉක්මනට පුපුරනවා. කකුල් වලත් ඒ ක්‍රීම් ගාලා. කකුල් වල හම පුපුරා ගිය පැළුම් තියනවා. ඒ පැල්ලම් හරි කැතයි. ඒ පැල්ලම් ඉවත් කරන්න අමාරුයි. ලස්සන වෙන්න හම සුදු කරගන්න ගිහිල්ලා අධික මුදලක් වියදම් කරලා දැන් විරූපි වෙලා ඉන්නේ. හරිම කණගාටුයි. මේ වගේ බොහෝ දෙනෙක් අපේ සායන වලට එනවා. "මොකක්ද ඩොක්ට දැන් ඔය වගේ ක්‍රීම් පාවිච්චි කරපු කෙනෙක් කරන්න ඕනේ?" ඉස්සෙල්ලාම ඒ ක්‍රීම් ගාන එක නවත්තන්න. ඊට පස්සේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ගන්න. වෛද්‍යවරයෙක්ගේ අනුමැතියක් නැතුව ඔය වෙළඳපොළේ තියෙන ක්‍රීම් වර්ග මූනේ ගාන්න යන්න එපා. අපිට ඕනි සුදු හමක් නෙවෙයි. නිරෝගිමත් පැහැපත් සමක්. උපතින් ලැබී තිබෙන හමේ වර්ණය ගැන සතුටු වෙන්න. සම පිරිසිදුව තබාගෙන නීරෝගී සමක් බවට පත් කරගන්න. එවිට ඔබ බලාපොරොත්තු වන ආකර්ෂණය ඔබට ලැබෙනවා. සුදු වෙන්න ගිහින් ඇඟේ වස තවරගෙන ලෙඩ වෙන්න එපා

இந்த இடுகையைப் பகிரவும்
sharing-icon

இணைப்பை நகலெடுக்கவும்

x-icon facebook-icon linkdin-icon

சுகாதாரத் தகவல்தொடர்பு, சமூக அதிகாரமளித்தல், சமூக ஈடுபாடு மற்றும் புதுமையான ஆராய்ச்சி மூலம் பொது சுகாதாரத்தை மேம்படுத்த நாங்கள் உறுதிபூண்டுள்ளோம்.

Last updated on: June 4, 2025

எங்களைப் பின்தொடரவும்

Developed with the Support of UNFPA

தொடர்பு விவரங்கள்

முகவரி

சுகாதார மேம்பாட்டு பணியகம்
இலக்கம் 2, கைன்சி வீதி, கொழும்பு 08,
இலங்கை.

தொலைபேசி

+9411 2696 606 +9411 269 6142

தொலை நகலி

011 269 2613

மின்னஞ்சல்

healthpromo@sltnet.lk

முக்கியமான தொடர்புகள்

சுவாசரியா ஹாட்லைன் :

1999
சுகாதார அமைச்சு : +9411 269 4033
குடும்ப சுகாதார பணியகம் : +9411 268 1309
தொற்றுநோயியல் பிரிவு : +9411 269 5112
ஊட்டச்சத்து பிரிவு : +9411 236 8320

பதிப்புரிமை © சுகாதார மேம்பாட்டு பணியகம், அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

தனியுரிமைக் கொள்கை மற்றும் பயன்பாட்டு விதிமுறைகள்

வலை வடிவமைப்பு மற்றும் மேம்பாடு சேபிரியன்