- නිවස
- පුවත් සහ සිදුවීම්
ප්‍රකාශිතයි
- 29 ජන 2026
මව් හවුල් ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සමාලෝචනය 2025
“නිරෝගී ප්‍රජාවක් උදෙසා සාමූහික ක්‍රියාකාරීත්වය දිරිගැන්වීම: පවුල් සවිබල ගැන්වීම, ජීවනෝපායන් ශක්තිමත් කිරීම සහ එක්ව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම” යන තේමාව යටතේ, මව් හවුල් ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සමාලෝචනය – 2025 කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 2026 ජනවාරි 29 සහ 30 යන දිනවලදී පැවැත්විණි. අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ප්‍රජා මූලික මුලපිරීම් ප්‍රදර්ශනය කිරීමටත්, පවුලේ සෞඛ්‍යය, පෝෂණය සහ ප්‍රජා යහපැවැත්ම නංවාලීම වෙනුවෙන් සිදුකළ විශිෂ්ට දායකත්වයන් ඇගයීමටත් දිවයින පුරා විසිරී සිටින මව් හවුල් සාමාජිකාවන් සහ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා එක්රැස් වූහ.
English