සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ මූඛ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය රටේ ජනතාවගේ මූඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික අධිකාරිය වේ. විවිධ තොරතුරු, අධ්‍යාපන සහ සන්නිවේදන (IEC) මෙවලම් භාවිතයෙන් මූඛ සෞඛ්‍ය පණිවිඩ සකස් කර, ජනතාවට ඒවා බෙදාහැරීම අප විසින් සිදුකරනු ලබන කාර්යයකි
. අපගේ ප්‍රධාන අවධානය ජීවිත චක්‍රය පදනම් කරගෙන සියලු වයස් කණ්ඩායම් වෙත යොමු වේ. ඊට අමතරව, අපි ක්ෂේත්‍ර මට්ටමේ මූඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා විවිධ කාණ්ඩවල සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල පුහුණු කිරීම සිදු කරන්නෙමු . මෙම පුහුණුව සෘජු ලෙස හෝ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් ලෙස සිදු කෙරේ. තවද, අපි රටේ ක්ෂේත්‍ර මට්ටමේ මූඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සිදු කරන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල වල කාර්‍යයන්, ජාතික මට්ටමින් සමාලෝචන සිදු කර, මූඛ සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ සංවර්ධනය සහතික කරමු.

වැඩසටහන සහ වගකීම

කණ්ඩායම හමුවන්න

කණ්ඩායම් නායක
වෛද්‍ය ශානිකා මුතුතන්ත්‍රි
ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍යය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
ඒකක ප්‍රධානියා

වෛද්‍ය මාලතී පෙරේරා
ලේඛකාධිකාරී ( ප්‍රජා දන්ත ශල්‍යය වෛද්‍යය)

වෛද්‍ය මංජුලා අමරසේකර,
දන්ත ශල්‍යය වෛද්‍යය

Dr.Niranjala Amarasena
Senior Registrar, Community Dentistry