- නිවස
- පුවත් සහ සිදුවීම්
වාර්ෂික මාධ්‍යවේදී ඇගයීම් උළෙල
ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධනය ඉදිරියට ගෙන යාමේදී ඵලදායී සන්නිවේදනයේ ඇති වැදගත්කම අගය කරමින්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) විසින් ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද වාර්ෂික මාධ්‍යවේදී ඇගයීම් උළෙල 2025 සාර්ථකව පවත්වන ලදී.
මාධ්‍යවේදීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමත්, නිවැරදි, කාලෝචිත සහ අදාළ සෞඛ්‍ය තොරතුරු මහජනතාව අතර ඵලදායී ලෙස ප්‍රචලිත කිරීම ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් මෙම උත්සවය පැවැත්විණි.
නිරන්තරයෙන් වෙනස් වන සන්නිවේදන පරිසරයක් තුළ, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ මුද්‍රිත මාධ්‍ය ඇතුළු සාම්ප්‍රදායික මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වැනි නැගී එන ඩිජිටල් වේදිකාවන්හි අනුපූරක වටිනාකම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මැනවින් හඳුනාගෙන ඇත. විවිධ ප්‍රජාවන් වෙත ළඟා වීමට සහ සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට මෙම සියලු සන්නිවේදන මාර්ග හරහා සබඳතා ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
සෞඛ්‍ය සන්නිවේදනය සහ ප්‍රවර්ධනය සඳහා නව්‍ය මෙන්ම ඵලදායී ප්‍රවේශයන් ගොඩනැගීමට මාධ්‍ය සහ සන්නිවේදන හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිරතුරුවම කැපවී සිටී.
එක්ව, අපි සෞඛ්‍ය සන්නිවේදනය ශක්තිමත් කර වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ මනා දැනුවත්භාවයකින් යුත් ශ්‍රී ලංකාවක් උදෙසා දායක වෙමු.
English